මොකක්ද මේ Binance P2P Trading කියන්නේ?

What’s about Binance P2P Trading in Sri Lanka?

Nisal Chandrasekara
3 min readNov 4, 2020

CryptoCurrencies වලින් ගනුදෙනු කිරීමට හෝ ගබඩා කිරිමට ප්‍රථමයෙන් ඔබ CryptoCurrencies මිලදී ගත යුතු වේ. මේ සඳහා ශ්‍රී ලංකාවේදී බොහෝ අඩු වූ මාධ්‍ය හා platform ප්‍රමාණයක් ඇත. බොහෝ Exchanges හෝ Crypto මිලදී ගැනීමේ Websites දැන් ලංකාවට Crypto නිකුත් කිරීම නවතා ඇත.

Binance යනු?

Binance යනු Cryptocurrencies බොහෝ ප්‍රමාණයකින් සමන්විත Blockchain මත පදනම් වුණු Exchange Platform එකකි. රටවල් 180 කට අධික සංඛ්‍යාවක සහ කලාපවල පරිශීලකයින් සමඟ සම්බන්ධ මෙය වෙළඳ පරිමාව අනුව ලොව ප්‍රමුඛතම Crypto මුදල් හුවමාරුවකි.

P2P Platform එකක් යනු?

P2P Platform එකක් යනු ගැනුම්කරුවන්ට සහ විකුණුම්කරුවන්ට අතරමැදියන්ගේ අවශ්‍යතාවයකින් තොරව ගනුදෙනු කිරීමට ඉඩ ලබා දෙන තැනකි. සමහර අවස්ථා වලදී ණය දෙන්නන් සහ ණය ගැනුම්කරුවන් සම්බන්ධ කරන P2P පරිසරයක් ද සපයයි.

P2P සංකල්පය විවිධ අවස්ථා සඳහා භාවිතා කිරිමට සුදුසු වන අතර 1990 වසර වලදී ප්‍රථමයෙන් file-sharing programs නිපදවුනි.

P2P used in File Transfer

අද වන විට මෙය බොහෝ P2P ජාල වල ක්‍රියාත්මක වන අතර Crypto තුලදී මෙය Blockchain සංකල්පය මගින් විශාල සහයක් ලබාගනී. කෙසේ වෙතත්, මේ වනවිට මෙම සංකල්පය web search engines, streaming platform, online marketplaces සහ InterPlanetary File System (IPFS)වෙබ් protocol එක තුලද භාවිතා වේ.

Binance P2P

Binance පරිශීලකයින්ට Binance P2P Platform එක හරහා වෙනත් පරිශීලකයින්ගෙන් සෘජුවම Cryptocurrencies මිලදී ගැනීමට හා විකිණීමට හැකි අවස්තාවක් Binance අපහට විවෘත කර ඇත.

Binance P2P Platform එක තුලදී සෑම KYC Verified විකුණුම් කරුවෙකුට හෝ ගැණුම්කරුවෙකුට තමන්ගේ වෙළඳ දැන්වීම් පල කිරීමේ හැකියාව තිබෙන අතර Binance එක අතරමැදි (Escrow) සේවාව ලබා දෙයි. එමගින් වඩාත් ආරක්ෂිත හා කාලෝචිත ගනුදෙනුවකට අවශ්‍ය සියල්ල සම්පූර්ණ වෙයි.

2019 වසරේදී Binance Mobile ඇප් එක හරහා සිදු වුණු මෙය දැන් Web Platform එක වෙතත් ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ටත් ලබා දීමට Binance කටයුතු කර ඇත.

මේ වන විට Binance P2P හරහා ලොව වටා ඩොලර් මිලියන 300ක් පමණ ධාරිතාවක මුදල් හුවමාරු වන බව Binance වාර්තා වල පෙන්වා දෙයි.

P2P Trading යන සංකල්පය සාමාන්‍ය-මුදල්-හා-Crypto හුවමාරුවේදී බොහෝ නම්‍යශීලී වන අතර එමගින් Crypto හා Crypto ප්‍රතිග්‍රහණය(Crypto Adoption) සඳහා ද බෙහෙවින් උදව් වේ. 2020 වසර අවසානයේදී P2P Trading රටවල් 30ක් වැනි ප්‍රමාණයක් වෙත වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වන බව ද Binance CEO,CZ (Changpeng Zhao පෙන්වා දෙයි.

පහල Link එකෙන් ගිහින් බලන්න පුලුවන් කොහොමද Buy කරන්නේ කියල.

--

--